loader image

රට යන අයට පේරාදෙණිය මල් වත්තෙන් කඩිනම් මල් පුහුණු පාඨමාලා

රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින් සඳහා පේරාදෙණිය මල්වත්ත හෙවත් රාජකීය උද්භිද උද්‍යානය මඟින් මල්වගා හා උද්‍යාන අලංකරණ කෙටිකාලීන කඩිනම් පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. ඒ. ක්‍රිෂ්ණරාජා මහත්මිය පවසයි. විදේශගත වන පුද්ගලයින්ගේ අවශ්‍යතාව මත මෙම කඩිනම් පුහුණු පාඨමාලා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය. මෙහිදී මල්වගා හා උද්‍යාන කටයුතුවලට අදාල පුහුණු පාඨමාලා දින 07, දින 14 , සහ මාසය බැගින් වන කාලසීමාවන්ට යටත්ව පැවැත්වේ. අදාල පාඨමාලා සඳහා දෙස් විදෙස් පිළිගත් සහතිකයක්ද නිකුත් කෙරේ.

මීට අමතරව පාසල් හැර යන්නන් සඳහා මෙන්ම මල් වගා හා උද්‍යාන අලංකරණයට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකු සඳහා එක්දින පුහුණු පාඨමාලා, සිව්මාසික පාඨමාලා සහ ජාතික වෘත්තීය සුදුසුකම සහිත පාඨමාලාද (NVQ) පැවැත්වෙන බව ආචාර්ය ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවසුවාය. මෙම පාඨමාලා බොහොමයක් නොමිලේ පැවැත්වෙන අතර පුහුණු වන්නන් සඳහා න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ලබාදීමට ප්‍රමුඛතාවය ලබාදෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මේ පිළිබඳ වැඩි විස්තර සහකාර අධ්‍යක්ෂ , මල්වගා හා උද්‍යාන අලංකරණ විදුහල, රාජකීය උද්භිද උද්‍යානය , පේරාදෙණිය යන ලිපිනයෙන් හෝ 081 – 2385893 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ලබා ගත හැකියි.

දිශාන්ති කොඩිතුවක්කු
( 071 8168346)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *