මධ්‍යම පළාතේ වාණිජ ඔසු වගාව ග්‍රාමීය මට්ටමෙන් ප්‍රචලිත කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමට මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දේශීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු අමුද්‍රව්‍ය මිලදි ගැනීම සඳහා විශාල මුදලක් වාර්ෂිකව වැයවන බව මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් එච්. එම්. ඒ. බී. හේරත් මහතා පැවසීය. දේශීය වශයෙන් වගාකළ හැකි ඖෂධ වර්ග මධ්‍යම පළාත තුළ වගා කරන්නේ නම් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාව පවතී. එබැවින් දැනට පවත්වා ගෙන යන පුදර්ශනාත්මක ඔසු උයන් සංකල්පයෙන් බැහැර වෙමින් ගෙවතු ආශ්‍රිතව වාණිජ ඔසු වගාවන් ස්ථාපනය කිරීමට මෙහිදී පියවර ගෙන ඇති බව හේරත් මහතා ප්‍රකාශ කළේය. මේ යටතේ නික, මදටිය, අංකෙන්ද, වැල් කැප්පෙටියා වැනි ඖෂධීය බෝග වගා කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දේ.



ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් දියත් කෙරෙන මෙම ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන යටතේ වගාකරුවන්ට සිය අස්වැන්න මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට සෘජුවම අලෙවි කිරීමේ හැකියාව පවතී. මේ පිළිබඳ වැඩි විස්තර 081 2423932 දුරකථන අංකය අමතා ලබා ගත හැකියි.