මට ඔහු මුනගැසෙන්නේ බොහෝ කාලයකට පසුවය. ඒ මා කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයකටය.
කලක් තිස්සේ වසා දමා තිිබූ ගෙයක් පිළිසකර කරවා ගැනීම සඳහා මම ගමේ ගියෙමි. මේ කටයුත්ත සඳහා බාසුන්නැහේ කෙනෙකු සොයා දෙන්නැයි මම කල් තියාම අපේ අසල් වැසියකුට දැන්වීමි. මා යන විට ඔහු බාසුන්නැහේලා දෙදෙනකු සමග පිළිසකර කිරීමට නියමිත පාලු ගේ අසල රැඳී සිටියේය. මම ඔවුන් පිළිගෙන ඔවුන්ද සමග ගෙතුළට පිවිසියෙමි.
එක් බාසුන්නැහේ කෙනෙක් තරුණයෙකි. අනෙක් තැනැත්තා මැදි විය පසු කළ මගේම වයසේ කෙනෙකි. ඔහු සුදු කමිසයකින්ද, සුදු අත් කොට කමිසයකින්ද සැරසී සිටියේය. ඔහු මා දෙස බලා බයාදු ලෙස සිනාසුණේය.
අපි ගේ තුළ ඒ මේ අත ඇවිදිමින් පිළිසකර කළ යුතු තැන් හඳුනා ගතිමු. ඉන් පසු අපි වැඩට ගත වන කාලයත්, අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ආදියත් ගැන කතා කෙළෙමු. අන්තිමේදී, මවිසින් ගෙවිය යුතූ වැඩ කුළිය ගැන විමසුවෙමි. ලොකු බාසුන්නැහේ හරි හමන් උත්තරයක් නොදී කල් මරන්නට විය.
‘‘සර් වැඩ යන හැටි බලලා කීයක් හරි දෙන්ඩ.’’ ඔහු කීවේය. ඔහු පැහැදිලි උත්තරයක් නොදී මග හරින්නේ කපටිකම නිසා යයි මට සිතිණ. වැඩි පුර මුදලක් ගන්නට සිතුණු විට සමහර බාසුන්නැහේලා මුලදී ගණනක් පොරොන්දු නොවී මග හරිති. සියල්ල අවසන් වූපසු මෙපමණ ගණනක් ගෙවිය යුතූව ඇතැයි වැඩිපුර ගණන් කියති. මේ ඔහු සැරසෙන්නේ පුරුදු සෙල්ලමට යයි මට සිතිණ. මම සිතේ උපන් කෝපය යටපත් කර ගෙන කතා කෙළෙමි.
‘‘ එහෙම හරියන්නෙ නෑනෙ. කොච්චර මහන්සියක් වෙන්න ඔිනැද කියල දන්නෙ මම නෙවෙයිනෙ, බාසුන්නැහැනෙ. ඒක හින්ද කල්පනා කරල බලලා ගානක් කියන්න. ඒක දෙපැත්තටම හොඳයිනෙ. ’’ මම කීවෙමි. මගේ ස්වරයෙහි කිසියම් දැඩි බවක් තිබෙන්නට ඇත. බාසුන්නැහේ වරදකාරී හැ
ගීමකින් මෙන් මගේ මුහුණ දෙස බලා බයාදු සිනාව යළි මුහුණට නගා ගත්තේය.
‘‘ මං කොහොමද සර්ට ගානක් කියන්නෙ.’’ මද විරාමයකින් පසු බාසුන්නැහේ කීවේය. මම ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. කිසියම් අතීත දැන හැ
ඳුනුම්කමක සේයාවක් සිතේ ඇති වී නැතිව ගියේය. ඔහු හඳුනා ගන්නට වෑයම් කරමින් මෙවර ඔහුගේ මුහුණ දෙස හොඳ හැටි බැලුවෙමි. එහෙත් මට ඔහු හඳුනා ගත නොහැකි විය.
‘‘ සර් මෙහෙ ඉස්කෝලෙ ඉගන ගන්න කාලෙ මං සර්ව දන්නවා. ’’ මගේ විපරම් බැල්ම හඳුනා ගෙනදෝ ඔහු කීවේය. ‘‘මං හිටියෙත් සර්හිටපු පන්තියෙමයි..........සර්ට දවසක් ගල් කූරක් දුන්න ළමය මතකද? ’’
එවෙක්නෙ ’’ මට නිතැතින්ම කියවිණ. මම ඔහුගේ දෑත් තර කොට අල්ලා ගතිමි.‘‘
මේ මගෙ පරණ යා
එය සිදු වී දැන් අවුරුදු හැටකටත් වඩා වැඩිය. එහෙත් ඊයේ පෙරේදා සිදු වූ දෙයක් මෙන් එය මගේ මතකයේ තැන්පත්ව පවතී. ලාබාල අවදියේ සිදු වූ සිදුවීම් අතරින් වරින් වර මගේ මතකයට නැගෙන සිදුවීමක් ඇත්නම් ඒ මේ රතු ගල්කූර පිළිබඳ සිද්ධියයි.
එකල මා ඉගෙනුම ලැබුවේ ගමේ පාසගේ හෝඩිය පන්තියේය. එකල අපේ පාසැල් දිවිය ඇරඹුණේ හෝඩිය පන්තියෙනි. අපි ගල්ලෑලි හා ගල්කූරු තුරුඑ කර ගෙන පාසැල් ගියෙමු. පාසැලේ නිළ ඇඳුමක් නොවීය. තම තමන්ගේ දෙමාපියන්ගේ වත්කමේ හැටියට ළමයින්ගේ ඇඳුම් තීරණය විය. බොහෝ පිරිමි ළමයි සරමකින් හා අත්කොට කමිසයකින් සැරසී පාසැලට පැමිණියහ. හේරත් බණ්ඩාත් මමත් හෝඩිය පන්තියේ එකම බංකුවේ වාඩි වී ගල් ලෑල්ලේ අකුරු ලීවෙමු. ඉගෙනීම් කාලය අතර තුර ලැබෙන කෙටි විවේකයේදී පන්තියෙන් එළියට බැස පිට්ටනියේ දුුව පැන ඇවිද්දෙමු.
එක් දවසක විවේකය සඳහා සීනුව නාද වූ පසු හේරත් බණ්ඩාත් මමත් පිට්ටනියට දිව ගියෙමු.ඔහු මගේ අතින් ඇද මා නවතා ගත්තේය.
‘‘ මං ල
ග බඩිඩක් තියෙනවා.’’ ඔහු රහසක් කියන්නාක් මෙන් කීවෙිය.
‘‘ මොකද්ද?’’ මම කුතුහලයෙන් ඇසුවෙමි.
ඔහු කලිසං සාක්කුවට අත දමා ගල් කූරු කොටයක් එළියට ගත්තේය.
’‘ මේක රතු ගල් කූරක් ’’ ඔහු කීවේ තරමක ආඩම්බරයෙනි.
’‘ රතු ගල් කූරක්? ’’ මම පුදුමයෙන් ඇසුවෙමි.
’‘ ඔවි. රතු ගල් කූරක්. මේකෙං ලියන කොට අකුරු ලස්සන වෙනවා.’’ ඔහු තම භාණ්ඩය අගේ කරන්නට විය.
ගල්කූරෙන් ගල්ලෑල්ලේ ලියන අකුරුවල විශේෂ පාටක් නැත. එහෙත් රතු ගල් කූරකින් ලියන විට අකුරුවලින් හීනි රතු පාටක් මතු වෙයි. රතු ගල් කූරු කඩෙන් මිළ දී ගත නොහැකිය. එහෙත් සත දෙකක් ගෙවා කඩෙන් මිළ දී ගන්නා ඇතැම් ගල් කූරුවල යාන්තම් රතු පැහැයක් මුසු වී ඇත. එවැනි ගල් කූරක් අහම්බෙන් කෙනෙකුට ලැබෙන්නේ ඔහුගේ හෝ ඇගේ වාසනාවටය. හේරත් බණ්ඩා එබඳු වාසනාවන්තයෙකි. මම ගෞරවය මුසු හැගීමෙන් ඔහු දෙස බැලුවෙමි.
අපි නිහ
ඩව පිට්ටනිය දිගේ මඳ දුරක් ඇවිද ගෙන ගියෙමු. හදිසියේම ඔහු නතර වී මා දෙස බැලීය.
‘‘ ආ, ඔයා මේක තියා ගන්ඩ’’ කියමින් ඔහු ගල් තූර මා දෙසට දික් කෙළේය. සවන් අදහා ගත නොහැකිව මම ඔහු දෙස බලා සිටියෙමි. ‘‘ ඇත්තමයි. මේක ගන්ඩ.’’ ඔහු මගේ දෑසට එබෙමින් කීය. මම තවමත් සවන් අදහා ගත නොහැකිව ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. ‘‘ මගෙ වාගෙ නෙවෙයි, ඔයාගෙ අකුරු ලස්සනයි. මේකෙං ලියන කොට අකුරු තවත් ලස්සන වෙයි.’’ හේරත් බණ්ඩා එසේ කියමින් මගේ අත ගෙන රතුගල් කූර මා අත තැබුවේය. එතැන් පටන් මම රතු ගල්කූරේ සාඩම්බර හිමිකරුවා වීමි. මම වෙනදාටත් වඩා ඔිනෑකමින් රතු ගල්කූරෙන් ගල්ලෑල්ලේ අකුරු ලීවෙමි. ගල්ලෑල්ලට මුහුණ නැඹුරු කර ගෙන කට උල් කර ගෙන මා අකුරු ලියන විට හේරත් බණ්ඩා මා දෙස බලා ඉ
ගි මරයි. මම ඔහු දෙස කෘතඥතා පූර්වක බැල්මක් හෙළමි.
දිනක් මා අකුරු ලියන විට මා පිටුපස සිට ඒ දෙස බලා සිටි ගුරුතුමිය මගේ ගල් ලෑල්ල අතට ගත්තාය.
‘‘ ළමයි මෙහෙ බලන්ඩ ’’ ඇය පන්තියට ඇසෙන ලෙස කීවාය. ‘‘ මෙන්න මෙහෙම තමා අකුරු ලියන්ඩ ඔිනැ.’’ ඇය මගේ ගල්ලෑල්ල පන්තියට ඔසවා පෙන්නුවාය.
මම හේරත් බණුඩා දෙස බැලුවෙමි. ඔහු ආඩම්බරයෙන් මා දෙස බලා ඉගි කෙළේය. රතු ගල් කූරේවර්තමාන හිමිකරුවා මාය. එහෙත් ගුරුතුමියගේ ප්රශංසාවේ හිමිකරුවා ඔහුය. ගල්ලෑල්ලේ මා ලියන අකුරු ලස්සන වී ඇත්තේ ඔහු මට දුන් රතු ගල්කූරෙන් අකුරු ලියන නිසාය.
අපි හෝඩිය පන්තියෙන් පළමු වැනි පන්තියටත් ඊ ල
ග අවුරුද්දේ දෙවැනි පන්තියටත් පාස් වුණෙමු. තුන් වෙනි පන්තියට සමත් වී මුලින්ම පාසැල් ගිය දා හේරත් බණ්ඩා පෙනෙන්ට නොසිටියේය. ඊ ලග දවසේත් ඊට පසු දවස්වලත් ඉන් පසු කිසි දිනකත් ඔහු පාසැලට පැමිණියේ නැත. මගේ හිතවතා පාසැල හැර ගොස් ඇති බව මම කෙමෙන් වටහා ගතිමි. මගේ හිතවත් මිතුරා මා අසල නොසිටීමෙන් මට මහත් පාලුවක් දැනින. මම ඔහු ගැන සිතමින් දුක් වීමි. කෙසේ වෙතත් පන්තියෙන් පන්තිය ඉහළට යන විට වෙනත් මිතුරෝ මා වටා එක් වූහ. හේරත් බණ්ඩා කෙමෙන් මගේ මතකයෙන් ඈත් වන්නට විය.
ඉන් පසු මා ඔහු දුටුවේ තවත් එක් වතාවක් පමණය. ඒ වන විට මම පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව නගරයේ විදුහලක උගනිමින් සිටියෙමි. අලුත් විදුහල තිබුණේ ගමෙන් දුර බැහැරය. අම්මලා මා විදුහල අසල නිවසක බෝඩිං කරපාසැල් යන්නට සැලැස්වූහ. තරමක දැනුම් තේරුම් ඇති වයසට පැමිණි පසු සති අන්තවල, බස් රියක නැ
ගී ගමේ එන්නට මම හුරු වීමි. අතර මගදී බසයෙන් බැස හැතැප්ම දෙකක් පමණ අපේ ගමට පයින් ආ යුතුව තිබිණ.
එක් දවසක් මම බසයෙන් බැස, ගමන් බෑගය කරේ එල්ලා ගෙන ගුරු පාර දිගේ එමින් සිටියෙමි. මී හරක් රංචුවක් දක්කා ගෙන මගේ වයසේ ළමයෙක් මා දෙසට එමින් සිටියේය. උඩු කය නිරුවත් වූ ඔහු හැඳ සිටියේ කොට කලිසමක් පමණය. මා දකින විට ඔහු කට පුරා සිනසුණේය. ‘‘ හෝව් හෝව් ’’ කියමින් මී හරක් රංචුව නවත්වා ගත්තේය. මම නැවතී ඔහු දෙස බැලුුුවෙමි.
‘‘මාව මතකද?’’ ඔහු සිනාසෙමින්ම ඇසුුවේය. ‘‘ අර දවසක් රතු ගල්කූරක් දුන්නෙ ’’
මම ඔහු හඳුනා ගතිමි. දුටු පමණින්ම ඔහු හඳුනා ගන්නට අසමත් වීම ගැන මගේ සිතේ වරදකාරී හැ`ගීමක් ඇති විය. අපි ටික වේලාවක් සුහද කතා බහක යෙදුණෙමු. තම පියා මිය ගිය පසු පාසැල් ගමන අත් හරින්නට සිදු වූ බවත්, හරක් මේච්චල් කිරීමටත් ගොවිතැන් වැඩට හා ගෙදර වැඩපලවලට උදව් කිරීමටත් ඔහුට ගෙදර නවතින්නට සිදු වූ බව ඔහුගේ කතාවෙන් තේරුම් ගත හැකි විය. එහෙත් ඔහු සිටියේ සතුටිනි. සිනාව දිගටම ඒ මුහුණේ රැඳී තිබිණ.
ඉන් පසු මම ඔහු නුදුටුවෙමි. එහෙත් රතු ගල්කූරේ සිද්ධිය කිසි විටෙකත් මගේ මතකයෙන් බැහැර නොවීය.
මම බාසුන්නැහේගේ වියපත් මුහුණ දෙස ඇසි පිය නොහෙළා බලා සිටියෙමි.වියපත් වීමත් සමග හැඩ රුව වෙනස් වී ඇතත් මේ ඔහුමය. ඔහු මගේ ජිවිතයේ මට මුන ගැසුණු මුල්ම මිතුරාය.මගේ අත් අකුරු ලස්සන වෙන්නැයි පතමින් තමා සන්තකයේ තිබුණු ලොකුම වස්තුව මට පරිත්‍යාග කළ කල්‍යාණ මිත්‍රයාය.
‘‘ ඇයි මට සර් කියන්නෙ? අපි හොඳ යාලුවොනෙ.’’ මම ඔහුගේ දෑත් අත නොහැරම කීවෙමි.